# started 2014-09-02T08:17:48Z "ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත."@si . "සිංහල යන්නේ වෙනත් භාවිත බලන්නසිංහල ලොව වෙසෙන පෞරාණිකම ජාතීන් අතරින් එකකකි. 1815 මාර්තු 2 දක්වා සිංහලේ හෙවත් සිංහල රාජධානිය නමින් හැඳින්වූ වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඡන කොට්ටාශය සිංහල වන අතර ඔවුන්ගේ මවු බස සිංහල භාෂාව වෙයි. ශ්‍රී ලංකාවේ සිංහලයින් මිලියන 15 කට වඩා වෙසෙන අතර, 320,000[තහවුරු​ කරන්න] පමණ වෙනත් රටවල වෙසෙයි."@si . "'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේන්‍රය ලෙස ය.ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්,ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි.ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ.\"සුවිශුද්ධ\" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් \"ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව\" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යා,ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය කේෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ."@si . "සිංහල යන්නෙන් අදහස් කෙරෙනුයේ, සිංහල භාෂාව සිංහල අක්ෂර සිංහල (ජනවර්ගය) සිංහල ජාතිය සිංහල ජනයාවිය හැක."@si . "සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක. සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය \"සාමලැදි\" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි."@si . "ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකින් ද විශාල සමුද්‍ර කලාපයකින් ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි ."@si . "ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම (කෙටි නම​:LK-LUG) නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Free and Open Source Software) (FOSS) ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරවීමේ පුරෝගාමී සංවිධානයකි.1998 දී සාමජිකයින් 40 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙයට අද ලොව වටා සිටින GNU/ලිනක්ස් ලෝලීන් දහස් ගණනක් එක්වී ඇත."@si . "වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය."@si . "සත්‍යයේ ජේසු සමිදාණන්ගේ සභාව යනු 1917 වර්ෂ‌යේ චීන‌යේ ‌බෙයිජින් නුවර ආරම්භ වූ ‌සෛවරී සභාවකි. වර්තමාන‌යේ ‌ලොව රටවල් 45ක් පුරා විසිර ඇති එහි සමාජිකත්වය මිලියන 1.5ක් ‌වෙයි. ‌මෙම සභාව ‌‌විසිවන ශතවර්ෂ‌යේ දී කිතුනු ශාසන‌යෙහි මතු වූ ප්‍රො‌තෙසතන්ත නිකායන්ට අයත් වූ පෙන්ත‌කොස්ත සභා ‌හෙවත් ශුදාත්මදානී සභාවන් ඝන‌යේ ලා සැලකේ. ඉන්දියාවෙහි 1932 වර්ෂයේ දී මේ සභාව ආරම්භ විණ. නත්තල සහ පාස්කුව මෙකී සභාවන්හි පවත්වනු නොලැබේ."@si . "දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි. සිව් වන (4) සියවසේ දී රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි."@si . "බුදු දහමක්‍රි.පූ.6 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි. බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය ථේරවාදී බුද්ධ ධර්මය බෞද්ධ සම්ප්‍රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය සම්ප්‍රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත."@si . "තාරකා විද්‍යාව (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, \"තාරකා නීතිය\") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාද