# started 2014-09-02T08:17:53Z "ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත."@si . "සිංහල යන්නේ වෙනත් භාවිත බලන්නසිංහල ලොව වෙසෙන පෞරාණිකම ජාතීන් අතරින් එකකකි. 1815 මාර්තු 2 දක්වා සිංහලේ හෙවත් සිංහල රාජධානිය නමින් හැඳින්වූ වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඡන කොට්ටාශය සිංහල වන අතර ඔවුන්ගේ මවු බස සිංහල භාෂාව වෙයි. ශ්‍රී ලංකාවේ සිංහලයින් මිලියන 15 කට වඩා වෙසෙන අතර, 320,000[තහවුරු​ කරන්න] පමණ වෙනත් රටවල වෙසෙයි."@si . "'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේන්‍රය ලෙස ය.ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්,ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි.ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ.\"සුවිශුද්ධ\" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් \"ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව\" ලෙස හඳුන්වා ඇත. "@si . "සිංහල යන්නෙන් අදහස් කෙරෙනුයේ, සිංහල භාෂාව සිංහල අක්ෂර සිංහල (ජනවර්ගය) සිංහල ජාතිය සිංහල ජනයාවිය හැක."@si . "සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක."@si . "ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකින් ද විශාල සමුද්‍ර කලාපයකින් ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි ."@si . "ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම (කෙටි නම​:LK-LUG) නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Free and Open Source Software) (FOSS) ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරවීමේ පුරෝගාමී සංවිධානයකි.1998 දී සාමජිකයින් 40 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙයට අද ලොව වටා සිටින GNU/ලිනක්ස් ලෝලීන් දහස් ගණනක් එක්වී ඇත."@si . "වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය."@si . "සත්‍යයේ ජේසු සමිදාණන්ගේ සභාව යනු 1917 වර්ෂ‌යේ චීන‌යේ ‌බෙයිජින් නුවර ආරම්භ වූ ‌සෛවරී සභාවකි. වර්තමාන‌යේ ‌ලොව රටවල් 45ක් පුරා විසිර ඇති එහි සමාජිකත්වය මිලියන 1.5ක් ‌වෙයි. ‌මෙම සභාව ‌‌විසිවන ශතවර්ෂ‌යේ දී කිතුනු ශාසන‌යෙහි මතු වූ ප්‍රො‌තෙසතන්ත නිකායන්ට අයත් වූ පෙන්ත‌කොස්ත සභා ‌හෙවත් ශුදාත්මදානී සභාවන් ඝන‌යේ ලා සැලකේ. ඉන්දියාවෙහි 1932 වර්ෂයේ දී මේ සභාව ආරම්භ විණ. නත්තල සහ පාස්කුව මෙකී සභාවන්හි පවත්වනු නොලැබේ."@si . "දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි. සිව් වන (4) සියවසේ දී රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි."@si . "බුදු දහමක්‍රි.පූ.6 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය."@si . "තාරකා විද්‍යාව (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, \"තාරකා නීතිය\") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි."@si . "වැදි ජනයා ලංකා‌වේ ‌වෙසෙන ස්ව‌දේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රම‌යෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය ‌වෙමින් පවතියි."@si . "බලංගොඩ මානවයා යනු පළමුවෙන්ම වපෙ 34,000 කාලයෙහිදී ශ්‍රී ලංකාවෙහි විද්‍යාමානවූ ව්‍යුහ විද්‍යාත්මක වශයෙන් නූතන මනුෂ්‍ය වර්ගයකි."@si . "‌රොඩී ‌ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකා‌වේ පහත් යයි සලකනු ලබන ජන ප්‍රජාවකි. ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි. ජනප්‍රවාද‌යේ ‌ලෙස ‌රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැ‌බේ. රත්නවල්ලී ‌ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය ‌යයි කියනු ලැ‌බේ.පුරාතණ‌යේ පටන් ‌කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ ‌‌රොඩිහූ, බෙර සෑදීම, ‌කොහු ඉදල් සෑදීම වැනි දැ‌තෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, ‌කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ‌ලෙස සැල‌කෙන ‌මොවුන් ආනන්ද හාමුදුරුවන්ට ද, වශි ගුරුකමක් කළ බව පැව‌සේ."@si . "චූලවංශය යනු සිංහලේ රාජාවලිය ගැන පාලි භාෂාවෙන් ලියැවුන ඓතිහාසික වාර්තාවකි. මෙයින් සිව්වන (4) ශතවර්ෂයේ සිට 1815 දක්වා වූ කාලය ආවර්ණය වේ. චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත මහාවංශයේ, දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි."@si . "ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක (5) හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය (ඇමරිකා එක්සත් ජනපදය), රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (රුසියානු සමූහාණ්ඩුව), Japan Aerospace Exploration Agency (ජපානය), කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (කැනඩාව) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (යුරෝපය) යන ආයතන පහයි.